හදුන්වාදීම - mata hithuna blog ekak karanna

Post Top Ad

Friday, January 9, 2026

හදුන්වාදීම

 ස්ත්‍රියකට ලිංගික සතුට ලබාදීමේ  පිළිවෙල පැහැදිලි කිරීම සඳහා  විශේෂ  ක්‍රියා මාර්ගයක් අවශ්‍ය  වන්නේ මක්නිසාදැයි ඇතමෙකු සිතනු  ඇත.ලිංගික සම්බෝගය (Sex)  පිළිබඳව  ඇති පටු අවබෝධයත් එම පටු අවබෝධය  පවා විවිධ  බ්ලොග් අඩවි වෙබ් අඩවි සමාජාල  හෝ  විවිධ පොත පත ඇසුරෙන් ලැබෙන වැරදි දැනුමෙන් මනස පෝෂණය  වී තිබීමත් මෙයට හේතුවකි.


විවාහය නැමති සමාජ පිළිගැනීම උපරිම ලිංගික ආශ්වාදය භුක්ති විදීමේ මූලික අවශ්‍යතාවය මතම පදනම් වී ඇති නමුත් විවාහ වී දරුවන් දහ  දොලොස්දෙනා  ලැබූ අඹු සැමියන් පවා, ලිංගික සම්බෝගයෙන් (SEX)  උපරිම සතුට ලැබීමේ  උපක්‍රම නොදැන සිටීම, මෙම විෂය පිලිබඳව ශාස්ත්‍රීය සහ  විද්‍යාත්මක විග්‍රහයක් සමාජයට  අවශ්‍ය  බව  ජනක  තරංග  හේවාසූර  වන  මාගේ මතයයි.


මුළු ජීවිතයටම මහෝපකාරීවන  උසස් ලිංගික  ආශ්වාදයක් ලබා ගැනීමට  මෙම  බ්ලොග් අඩවිය  අවැසි වන  බව  ඔබට හැගෙන්නේ  මෙම  බ්ලොග් අඩවිය නිවී සැනසිල්ලේ  හුදකලාව පරිශීලනය  කලහොත් පමණක්  බව  මා  ඔබට  කිව යුතුයි.


කුඩා දරුවන්ගේ පරිශීලනයට  මෙම  බ්ලොග් අඩවිය  හසුවීම නිසා ළමා මනස අසංවර සිතිවිලි වලින්  හොඳටම  අවුල් වීමට හොඳටම  ඉඩ ඇති බැවින්  මෙම  කාම විද්‍යා  බ්ලොග් අඩවිය  කුඩා ළමුන්ගේ  පරිශීලනයට  හසුවීමට ඉඩ තැබීම  නොහොබිනා  ක්‍රියාවක් බැව් මා  ඔබට  තරයේම  අවවාද කරනු ලැබේ.


ස්තූතී..


ඔබේ විශ්වාසී

ලිංගික මනෝ විද්‍යා ගවේශක

ජනක තරංග  හේවාසූර.

No comments:

Post a Comment


Pages